ජනපති අටමස්ථානාධිපති නා හිමි බැහැ දකී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

ඓතිහාසික අනුරාධපුර පූජා භූමිය වෙත අද (18) පැමිණි ජනාධිපතිවරයා අභිනව අටමස්ථානාධිපති නාහිමි බැහැදැක උන්වහන්සේට සුභාශීංසන පළ කරමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කළා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *