කොළඹ සහ ගම්පහ ට අද සිට බිත්තර ලොරි

රුපියල් 55කට බිත්තර අලෙවි කිරීම කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී අද (28) සිට ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පොලිස් ආරක්ෂාව යටතේ අදාළ ප්‍රදේශවලදී ලොරි රථ 20ක් මගින් බිත්තර අලෙවි කිරීමට පියවර ගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“බිත්තර සංගමය සමග කළ සාකච්ඡාවට අනුව ඇතිවුණු එකඟතාවය මත බිත්තර ලොරි 20ක්, බිත්තර ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් ගෙනඑන්න ඒ අය එකඟ වෙලා තියෙනවා. කොළඹත්, ගම්පහත් ප්‍රධාන නරගවල රුපියල් 55ක මිලට බිත්තර අලෙවි කිරීමට බලාපොරොත්තු වෙන බවට දන්වා තිබෙනවා. ඒ ප්‍රදේශවල සිටින ජනතාවටත් කියන්නේ මිලදීමේ ගැනීමේ කටයුතු කරන්න.

එතනදී අපි උත්සාහයක් දරනවා.. ඒ අයව එකඟ කරගෙන මේ අතිරේක තොග වෙළෙන්ඳන්, සිල්ලර වෙළෙන්ඳන් රුපියල් 65ට 70ට විකුණන බිත්තරය දිගටම 55ක මිල පවත්වාගැනීම සඳහා ඔවුන් මැදිහත් කරගන්න. නිෂ්පාදකයාගෙන් පාරිභෝගිකයාට කෙලින්ම ලබාදෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *