මයිකල් ජැක්සන් මිය ගොස් වසර 13ක් – හිටපු බිරිඳ මරණය දැනගත් මොහොතේ හැසුරුණු හැටි කියයි

පොප් ගී කලාවේ රජු මයිකල් ජැක්සන්ගේ 13 වැනි ගුණ සැමරුම සෙනසුරාදා(25) දිනට යෙදී තිබුණි.

1958 අගෝස්තු 29 වැවිදා චිකාගෝ හි ගැරී හි උපන් මයිකල්, කම්කරු පන්තියේ අප්‍රිකානු-ඇමරිකානු පවුලක් වන ජැක්සන් පවුලේ දරුවන් දස දෙනාගෙන් අටවැන්නා විය.

මයිකල් ජනප්‍රවාදයක් ලෙස සැලක. ඔහුගේ ශෛලිය සහ සංගීතය තෝරා ගැනීම පරම්පරා ගණනාවක් පුරා සංගීත කලාකරුවන්ට ආස්වාදයක් ලබා දී ඇත. සංගීතය, විලාසිතා සහ නර්තන ක්ෂේත්‍රයට ඔහුගේ දායකත්වය අතිමහත්ය.

ඔහුගේ අනපේක්ෂිත මරණය සිදු වූ දිනයේ ඔහුගේ රසික රසිකාවියන් මයිකල් ජැක්සන්ගේ හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් තරුව මත මල් තැබූ අතර මිලියන 31කට අධික ජනතාවක් 2009 ජූලි 7 වන දින ඔහුගේ අනුස්මරණ සජීව විකාශනය නැරඹූහ. එය එකල වැඩිපුරම නැරඹූ සජීව වැඩසටහන ලෙස සැලකේ.

මයිකල් ජැක්සන්ගේ 13 වැනි ගුණ සැමරුමට සමගාමීව ජැක්සන් හිටපු බිරිඳ ලීසා මාරි ප්‍රෙස්ලිගේ 2010 වසරේ දී ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මයිකල් ජැක්සන් ඉතා ආදරණීය මිනිසෙක් බව ඇය පවසා තිබේ. ඔහුගේ මරණය ගැන දැනගත් විට, ඇය ඔහුට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමටත් පෙර ඇය “දවස පුරා අඬමින්” සිටියාය.

මයිකල් ජැක්සන් මීට වසර 13 කට පෙර 2009 ජුනි 25 වන දින මිය ගියේය. මෙම තාරකාවේ අනපේක්ෂිත හා හදිසි මරණය ලොව පුරා සිටින මිනිසුන්ට බලපෑ අතර, නමුත් සියල්ලටම වඩා ඔහුට සමීප පුද්ගලයින්ට දැඩිව බලපෑවේය.

ලීසා මාරි ප්‍රෙස්ලි මේ අයගෙන් කෙනෙකි. ඇය ඔහු සමඟ විවාහ වී ඇත්තේ කෙටි කාලයකි.1994 මැයි 26 සිට 1996 අගෝස්තු 20 දක්වාය. නමුත් ඔවුන් අතර ආදරය හා සෙනෙහස තවමත් ශක්තිමත් බව

මයිකල්ගේ මරණයෙන් පසු, ලීසා මාරි ඔහු සමඟ අවසන් වරට “සංවිධානාත්මක” සංවාදයක් පැවැත්වූ බව සිහිපත් කළාය.

එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය වන ලීසා මාරි, මයිකල්ගේ මරණයෙන් පසු වසරේ එනම් 2010 දී ලබා දී තිබූ සම්මුඛ සාකච්ඡාවේ දී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ගැනත් දික්කසාදයෙන් පසු එය කුමන තත්ත්වයක පැවතියේද යන්නත් සදහන් කර තිබුනි.

මෙම සුපිරි තරු යුවළ වෙන් වූයේ ලීසා මාරිට තවත් දරුවන් අවශ්‍ය නොවූ නිසා සහ දැනටමත් ඇගේ පෙර සැමියා වන ඩැනී කීෆ් සමඟ දරුවන් දෙදෙනෙකු සිටි බැවිනි. අනෙක් අතට මයිකල්ට හැකි ඉක්මනින් දරුවන් අවශ්‍ය විය. ඔවුන්ගේ දික්කසාද කටුක වුවද, ඔවුන් පසුකාලීනව හොඳ මිතුරන් විය.

මයිකල් මිය ගිය දිනයේ සිදු වූ දේ ලීසා මාරි මෙහිදී සිහිපත් කර තිබුණි.

“මම දවස පුරාම ඇඬුවා. මම සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ.”

ඇය තවදුරටත් මෙසේ පවසා තිබුනි. “මම වැඩ කිරීමට උත්සාහ කළා, මම ගෙදර ආවා, මම මගේ කෑම කපමින්, මගේ රාත්‍රී ආහාරය කෑවා.” අවසානයේ ඇයට එම පුවත අසන්නට ලැබිණි.

මයිකල් මිය ගොස් ඇති බව ඇය දැනගත්තේ ඇගේ මිතුරියක් ඇයට කෙටි පණිවිඩයක් එවූ විටය.

සිදුවූයේ කුමක්දැයි දැනගත් විට, ඇයට “සැබෑ, අවංක කම්පනයක්” දැනුනි. ඇය මෙසේ පැවසුවාය: “කඳුළු පවා නැහැ … මම බිම වැතිරුණා, අවංකවම බිම වැටුණා.”

මයිකල්ගේ ඛේදජනක සහ අකල් මරණය නොතකා ඔහු සමඟ ඇති සබඳතාව ධනාත්මක ආකාරයකින් සිහිපත් කිරීමට ලීසා මාරි මෙම සම්මුඛ සාකච්ඡාවේ දී උත්සාහ කර තිබුනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *