‘නාඩගම්කාරයෝ’ ට පසුව එන “කෝලම් කුට්ටම

ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනා කරන ශ්‍රීලාල් වික්‍රමගේ නිෂ්පාදනය කරන, “කෝලම් කුට්ටම” නවතම ටෙලි නාට්‍යය එළැඹෙන අගෝස්තු 2 වැනිදා නිමාවන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයෙන් පසු අගෝස්තු 3 වැනිදා සිට රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනියෙන් විකාශය වීමට නියමිතය.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පවතින පාරම්පරික වෙස්මුහුණු සහ රූකඩ කලාව පිළිබඳ කතා කරන මෙම ‘කෝලම් කුට්ටම’ ටෙලි නාට්‍යය රූකඩ කලාවේ නිරත ගුරුන්නාන්සේ කෙනෙක් සහ වෙස් මුහුණු කපන කලා ශිල්පියකු මූලික කරගනිමින් නිර්මාණය වූවකි.

නලීන් ප්‍රදීප් උඩුවෙල, මාලි ජයවීර, චමීර ලියනගේ, කවින්ද්‍යා දුල්ෂානි, මාවිලි ෆර්ඩිනාන්ඩු, සරත් කුලාංග, නිරෝෂා තලගල, අනුරාධා එදිරිසිංහ ප්‍රධාන චරිත නිරූපණයෙන් එක්වන ‘කෝලම් කුට්ටම’ ටෙලි නාට්‍යය කැමරාවට නගන්නේ ප්‍රභාත් දර්ශන විසිනි.

මනෝජ් වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂණයෙන්ද වාසනා බණ්ඩාර වේෂ නිරූපණයෙන්ද ධනංජය මංචනායක, සහය අධ්‍යක්ෂණයෙන්ද එක්වන ‘කෝලම් කුට්ටම’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කළමනාකරණය කරනු ලබන්නේ ධම්මික ගුණසේකර විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *