සයුරේ දැවැන්තයෙක් කොළඹ වරායේ නැන්ගුරම්ලායි (PHOTOS)

‘කොවිඩ් 19’ වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවට ළගාවූ සංචාරකයන් රැගත් විශාලතම නෞකාව වන ‘වයිකින් මාස්’ නෞකාව ඊයේ (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු වුණා..

යුරෝපයෙන් සංචාරය ආරම්භ කළ මෙම නෞකාව මැදපෙරදිග සහ ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට සේන්දු වූ අතර නෞකාව මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබුණා.

වසර තුනකට අධික කාලයකට පසුව පැමිණි මෙම නෞකාවෙන් සංචාරයන් 650 ක් පමණ පැමිණ සිටින අතර එහි කාර්ය මණ්ඩලය සාමාජිකයන් සංඛ්‍යාව 450 කි.

එම නෞකාවෙන් පැමිණි සංචාරකයන් මේ වන විට කොළඹ, ගාල්ල සහ පින්නවල යන ප්‍රදේශවල සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානවල සංචාරය කරමින් සිටින බව එම නෞකාවේ දේශීය නියෝජිත ලංකා ෂිෆින් ඇන්ඩ් ලොජිස්ටික් සමාගම පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *