ප්‍රවීණ රංගනවේදිනී ලියෝනි කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගනවේදිනී ලියෝනි කොතලාවල මහත්මිය ඊයේ(19) අභාවප්‍රාප්ත විය. ිය යන විට ඇය 78වැනි වියෙහි පසුවිය.

“සාමා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සිනමාවට එක්වූ ඇය “චණ්ඩාළි”, “පිපෙන කුමුදු”, “වජිරා”, “රජ දරුවෝ” සහ “පුනරුප්පත්තිය” වැනි චිත්‍රපටවල රඟපෑවාය.

ඡායාරූප ශිල්පී තිස්ස කොතලාවලයන් සමගින් විවාහ වීමෙන් අනතුරුව “ලියෝනි වීරසිංහ” වූ ඇය “ලියෝනි කොතලාවල” නමින් ප්‍රකට වුවාය.

“සෝමාගේ සිහිනය”, “තාරාදේවී”, “චරිත තුනක්”, ‘කුමාරිහාමි”, “චාරුලතා”, “අරවින්ද සහ ඉන්දු”, “හිරුට මුවාවෙන්” යනාදී ටෙලි නාට්‍යවල රඟමින් ජනප්‍රිය වූ ඇය මෑතකදී රංගනය කළ “එකමත් එක රටෙක”, “මචං”, “බොරදියපොකුණ”, “බන්ධනය” වැනි චිත්‍රපට අතර සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” හි කුසුම්ගේ නැන්දණිය ලෙසින් කළ චරිතය ඇගේ සිනමා භාවිතාවේ අතිශය ප්‍රශස්ත රංගනයකි.

1966 සරසවි සම්මාන උළෙලේ හොඳ ම නිළිය ලෙස නිර්දේශ වුණු ඇය, 1988 වසරේ OCIC සම්මාන උළෙලේ හොඳ ම නිළියට හිමි සම්මානය දිනා ගත්තා ය. ඇය සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේ ඒ වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා ද නිර්දේශ වූවාය.

ජූනි 22 වන බදාදා බොරැල්ල සුසාන භූමියේදී ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *