ජාතික යොවුන් සේනාංකයෙන් පෙරපාසල් ගුරු පුහුණුවක්

පෙර පාසල්වල උගන්වන ගුරුවරුන්, රැකබලාගන්නන්, දෙමාපියන් හා ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වෘත්තිය කුසලතා වැඩිදියුණු කරගැනිමේ අරමුණින් පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාව (NVQ Level 4) ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ජාතික යොවුන් සේනාංකය මගින් දිවයිනේ සැම පුහුණු මධ්‍යස්ථානයකම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මේ සදහා අ.පො.ස. උසස් පෙළ සමත්, වයස අවුරුදු 18 ත් 28 ත් අතර තරුණියන්ට සහභාගිවිය හැකිය.

පූර්ණ කාලීන එක් අවුරුදු පාඨමාලාවක් ලෙස සඳුදා සිට සිකුරාදා දිනවල දී පෙ.ව.8.30 සිට ප.ව. 04.00 දක්වා පුහුණුවිම් කටයුතු සිදු කෙරේ.

2022 අගෝස්තු මාසය තුළ පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

වැඩිදුර තොරතුරු 0701 661 661 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *