විදුලි බිල් නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක්

විදුලි බිල් නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් විදුලිබල මණ්ඩලය පසුගියදා හඳුන්වා දී තිබේ.

සාම්ප්‍රදායික පෙර මුද්‍රිත විදුලි බිල වෙනුවට පාරිභෝගිකයාගේ පරිශ්‍රයට ගොස් විදුලි මීටරය කියවා එහි දත්ත අනුව එවේලේම විදුලි බිල මුද්‍රණය කර දීම මේ නව ක්‍රමවේදයයි.

මෙසේ විදුලි බිල මුද්‍රණයට විශේෂිත මෘදුකාංගයක් සහිත ජංගම දුරකථනයක් වැනි උපාංගය ද (MeterAssist + Mobile App) අතේ ගෙන යා හැකි තර්මල් මුද්‍රණ යන්ත්‍රය ද යොදා ගැනේ.(Bluetooth thermal printer.)

ඊට අමතරව විදුලි පාරිභෝගිකයා විදුලිබල මණ්ඩලයේ ලියාපදිංචි කර ඇති ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් හරහා තමන්ගේ විදුලි බිලේ තොරතුරු ද දීම මේ හා සමගාමිව සිදු කෙරේ.

දැනට කොළඹ නගරයේ පමණක් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වන අතර, එම පරිශ්‍ර සඳහා පෙර මුද්‍රිත විදුලි බිල් නිකුත් නොකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *