පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම ගැන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

2023 වර්ෂය සඳහා පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.01 දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

රටේ පවතින ගැටලුකාරී තත්ත්වය මත, ඒ සම්බන්ධයෙන් දෙමව්පියන්ගෙන් ලැබුණු ඉල්ලීම් රැසක් අවධානයට යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *