ඉන්දීය මහ බැංකු ගත් තීරණය

වසර දෙකකට පසු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් ඉහළ දැමීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ.

ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ වසර දෙකකට පසුව ය.

කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබූ සමයේ එම පොලී අනුපාතිකය 4%ක් දක්වා පහත දැමීමට ඉන්දීය මහ බැංකුව පියවර ගත් අතර මේ වනවිට එය 4.4%ක් දක්වා වැඩිකර තිබේ.

භාණ්ඩ මිල ඉහළ යෑම සහ උද්ධමන බලපෑම හේතුවෙන් එවැනි තීරණයක් ගත් බව බලධාරීන් පැවසීය.

ඉන්දිය රිසව් බැංකුවේ අධිපති ශක්තිකාන්ත දාස් පොලි අනුපාතික වැඩිකිරීම මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

මේ වනවිට ඉන්දියාවේ උද්ධමනය 6.95%ක් ලෙස සටහන් වන අතර මාස 18කින් වාර්තා වූ වැඩිම උද්ධමන අගය ලෙස සඳහන් විය.

මේ අතර වසර 22කින් අමෙරිකාවේ වාර්තාකළ වැඩිම පොලී අනුපාතික ඉහළ දැමීම ඊයේ වාර්තා විය.

අමෙරිකානු මහ බැංකුව – Federal Reserve – පැවසුවේ වසර 40කට පසුව වාර්තා වූ වැඩිම උද්ධමන වේගය පාලනය සඳහා ප්‍රතිපත්ති පොලී අනිපතික .75%ත් 1%ත් අතර දක්වා වැඩිකළ බවය.

අප්‍රේල් මාසයේ එරට උද්ධමනය 8.5ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *