නව නියෝජ්‍ය කතානායක මෙන්න

නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නැවතත් රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්වුණි.

අද (05) උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායක ධූරය සඳහා රංජිත් සියඹලාපිටිය මහතාගේ සහ ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ නම් යෝජනා විය.

එම නිසා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බව කථානායකවරයා විසින් නිවේදනය කළේය.

ඒ අනුව පැවැත්වූ ඡන්දයෙන් වැඩි ඡන්ද 83කින් රංජිත් සියඹලාපිටිය මහතා නැවතත් නියෝජ්‍ය කථානායක ධූරයට තේරී පත්වුණි.

ඉමිතියාස් බාකිර් මාකර් මහතා ඡන්ද 65ක් ලබාගත් අතර ඡන්ද 3ක් ඉවත්කළ බව කථානායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නියෝජ්‍ය කථානායක ධුරය පුරප්පාඩු වුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *