මැල්කම් රන්ජිත් අගරදගුරු නොවැම්බර් විශ්‍රාම යයි – සටන නිසා ලැබෙන වරම මෙන්න

අගරදගුරු පදවිය දරන පියතුමකු සාමාන්‍ය සම්ප්‍රදාය අනුව වසර 75 සම්පූර්ණ වූ පසු විශ්‍රාම යා යුතු බවය.

ඒ අනුව කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් 75 වැනි විය සපිරීමට නියමිත ඇත්තේ ලබන නොවැම්බර් 15 වැනිදාය.

එමෙන්ම වතිකානය මගින් පිරිනම කාදිනල් ධුරය අවුරුදු 80 දක්වා දැරිය හැකි බවට නියමයක්ද තිබේ.

ඒ අනුව ලබන නොවැම්බරයේදී මැල්කම් රංජිත් හිමිපාණන් අගරදගුරු ධුරයෙන් විශ්‍රාම ගියද තවත් වසර 05ක කාලයක් කාදිනල් තනතුරේ වැඩ බැලීමට කාලය ඉතිරිව තිබේ.

ඒ අනුව කාදිනල් හිමියන්ගේ හදිසි වතිකාන සංචාරය හා බැඳුණු අවශේෂ කාරණා අතර මෙම කරුණුද ඇති බව දැනගන්නට තිබේ.

විශේෂයෙන්ම මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික පල්ලිය මැදිහත්ව ජාතික මෙන්ම ජාත්‍යන්තරව ප්‍රබල මෙහෙයුමක් දියත් කර ඇති නිසා තවත් සැලකිය යුතු කාලයක් අගරදගුරු පදවිය දැරීමට වතිකානයේ අවසර ලබාගැනීමද මෙම සංචාරය හා බැඳී ඇති බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *