හෙටත් විදුලිය කැපේ – සැළසුම පමණක් වෙනස් කෙරේ

මෙම සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව හෙට (05) සෙනසුරාදා දිනයේදී PQRSTUVW යන කලාපවලට පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.

ඒ උදෑසන 8.30සිට පස්වරු 5.30 අතර කාලය තුල පැය 3ක කාලයක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා වන කාලය තුල පැයක් වශයෙන්.

එමෙන්ම E,F යන කලාපවලට පැය 7ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

ඒ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4ක් වශයෙන් සහ සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 3ක කාලයක් වශයෙන්.

ඉරිදා (06) දිනයේ පැය 2.30ක කාලයක් උදෑසන 9 සිට සවස 4.30 දක්වා කාලය අතර විදුලි කප්පාදුවක් සිදුවන්නේ ABC යන කලාප තුනට පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *