බෙහෙත් නොදී යදිමින් සිටියදී මියගිය ‘පුංචි මලීෂගේ මරණයට’ ඇත්තම හේතුව හෙළිවේ

කටාන ආඬිමුල්ලේ 10 හැවිරිදි මලීෂ දුලක්ෂණගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය වීම බවට තහවුරු වි ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

සෙම් රෝගයක් වැළඳුණු මෙම දරුවාගේ මාපියන් වෙන්නප්පුව ප්‍රදේශයේ පිරිිසක් හා එක්ව නිසි ප්‍රතිකාර නොකොට ආගමික කටයුතුවල යෙදෙමින් දරුවාගේ රෝගය සදහා යාඥා කිරීම් පමණක් කිරීම නිසා දරුවා මියගොස් ඇත.

මියගිය පසුවත් යාඥා කර ඇති අතර මිය යන විට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබී ඇතැයි පොලිසිය විසින් තහවුරු කර ගන්නා ලදි .

එම දරුවාගේ මරණ පරීක්ෂණයේදී ඔහුට කෝවිඩ් රෝගය වැළඳී තිබී ඇතැයි තහවුරු කරගත් බව සෞඛ්‍ය අංශ අනාවරණය කරන ලදි.

මේ සම්බන්ධව අත් අඩංගුවට ගත් පියා සහ මිත්තනිය ශරීර ඇප මත මුදා හැරි අතර මව 18 තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *