පොලිස් ඇඳිරිනීතිය දැමීමට පොලිස්පතිට කිසිඳු බලයක් නැහැ

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අද(08) රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කොට ඇති පොලිස් ඇඳිරිනීතිය වැන්නක් දැමීමට නීත්‍යානුකූලව පොලිස්පතිට කිසිඳු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.

ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව සදහන් කර සිටියි.

එබැවින් හෙට දින අරගලයට සහභාගීවීමට සිටින සියලුම මහජනතාව කිසිඳු බියක් නොමැතිව අනිවාර්යෙන්ම අරගලයට සහභාගීවන ලෙසත් යම් හෙයකින් ඔබට කරදරයක් සිදුවුවහොත් අපගේ නීතීඥ පාර්ශවය අනිවාර්යෙන්ම ඔබ වෙනුවෙන් පෙනීසිටින බව ජනතාවට සරත් ෆොන්සේකා මහතා දැනුම් දීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *