අද උදෑසන 8ට පොලිස් ඇඳිරි නීතිය ඉවතට

ඊයේ(08) රාත්‍රී 9.00 සිට බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07ක් ආවරණ වන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අද(09) පෙරවරු 8.00 සිට ඉවත් කරණ බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව, මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, උතුරු කොළඹ, දකුණු කොළඹ සහ මධ්‍යම කොළඹ යන පොලිස් කොට්ඨාස සඳහා ඇඳිරිනීතිය ඉවත් කෙරෙනු ඇත.

මානව හිමිකම් කොමිසම මගින් පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කරන මෙන් පොලිස්පතිවරයාට නියෝග කර ඇති අතර, එහිදි සඳහන් කොට ඇත්තේ ඇඳිරි නීතිය පැනවීම මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *