පුටින්ගෙන් ජනපති රනිල්ට සුබ පැතුම්

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය තබන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

වික්‍රමසිංහ මහතාවෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කළේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව සම්ප්‍රදායිකව මිත්‍රශීලී ස්වභාවයක් ගන්නා බවයි.

“රුසියානු-ශ්‍රී ලංකා සබඳතා සම්ප්‍රදායිකව මිත්‍රශීලී ස්වභාවයක් ගනී. අපගේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සහ කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සඳහා විවිධ ක්ෂේත්‍රවල සාධනීය ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා රාජ්‍ය නායකයා ලෙස ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි මම විශ්වාසය තබමි. මම ඔබට සෑම සාර්ථකත්වයක් මෙන්ම නිදුක් නිරෝගී සෞභාග්‍යයක් ප්‍රාර්ථනා කරමි. ”යැයි පුටින් පැවසීය.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Yury Materiy මහතා අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී පුටින්ගේ පණිවිඩය දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *