සුරූපී නර්තන ශිල්පිනිය ඉවන්තිකාගේ ‘මරණ පරීක්ෂණයෙන්’ තොරතුරු හෙළිවේ

මහරගම මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ දී මියගොස් සිටි නර්තන ශිල්පිනි ඉවන්තිකාගේ මරණයට හේතුව සියදිවි හානිකර හානි කරගැනීමකින් සිදු වූ මරණයක් බවට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි මහරගම පොලීසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ අඹගස්වැව හිරියාල තරණගොල්ල අංක 296 හි පදිංචි  අබේකෝන් මුදියන්සේලාගේ ඉවන්තිකා කුමාරී හේරත් (27) හැවිරිදි කාන්තාවක බව පොලීසිය කියයි.

මෙම කාන්තාව තවත් පුද්ගලයකු සමඟ මෙම මහල් නිවාස සංකීර්ණයේ දෙවන තට්ටුවේ පිහිටි අංක 16 කාමරයේ වාසයකර  ඇති අතර 12 දා රාත්‍රී 11ට පමණ එම පුද්ගලයා වෙනත් කටයුත්තකට බැහැරට ගොස් නැවත පැමිණීමේදී  කාමරයේ සිටි කාන්තාව විදුලි පංකාවේ එල්ලී ගෙළ වැළලාගෙන සිටිනු දැක ඇතැයි පැවසේ .

පසුව එම පුද්ගලයා විදුලි  පංකාවේ එල්ලෙමින් සිටි කාන්තාව බිමට ගෙන ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය මියගොස් ඇති බවයි.

මේ අතරතුරදී සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසියට ලද දුරකථන ඇමතුමක් ලැබී තිබූ අතර ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කරන ලදී .

ඒ අනුව මියගිය කාන්තාව සමඟ සිටි පුද්ගලයා, මියගිය කාන්තාවගේ දෙමව්පියන්, සහෝදරයකු සහ මහල් නිවාස සංකීර්ණයේ  තිදෙනෙකු ඇතුළු හත් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව ද පොලිසිය කියයි .

පසුව සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් කැඳවා පරීක්ෂණයක් ආරම්භ කළ අතර නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා ද පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කර තිබුණි .

එහිදී මෘතදේහය විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු ලබා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකොට එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කෙරිණි .

ඒ අනුව මෘතදේහය කොරෝනා පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි දසනායක මහතාගේ මෙහෙයවීමෙන් අද සිදුකළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ මියගිය කාන්තාව විසින්ම රැඳී සිටි කාමරයේ විදුලි පංකාවේ ලනුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ  වාර්තාව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *