ලංකාවට අමෙරිකාවෙන් එන්න යන නිවේදනය

මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමට පළමු වරට ඇමෙරිකාවද සහභාගි වීමට නියමිතය. ඉකුත් ට්‍රම්ප් පාලනයේදී ඇමෙරිකාව ජිනීවා කොමිසමෙන් ඉවත් වුවද, වත්මන් බයිඩන් පාලනය කළ පළමු කටයුත්ත වූයේ නැවත වතාවක් එහි සාමාජිකත්වය ගැනීමට කටයුතු කිරීමය.

ඒ අනුව බ්‍රිතාන්‍ය විසින් මෙවර ජිනීවා කොමිසමේදී ලංකාව සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව විශ්වාස කරන අතර එහිදී ඇමෙරිකාව කුමන ස්ථාවරයක් ගනු ඇද්ද යන්න පිළිබඳ තවමත් ඇත්තේ දෙගිඩියාවකි. මන්ද ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදුකර නොමැති වීම ඊට හේතුවය.

එසේ වුවත් ඉදිරි දින කිහිපය ඇතුළත ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලංකාව සම්බන්ධයෙන් කිසියම් නිවේදනයක් නිකුත් වීමට නියමිතව ඇති බවක් වාර්තා වෙයි.

ඊට හේතුව වූයේ මීට මාස දෙකකට ඉහතදී දෙමළ සන්ධාන නායකයන් වූ එම්.ඒ. සුමන්තිරනුත්, ශානක්‍ය රාසමානික්මුත් සිදුකළ ඇමෙරිකානු සංචාරයේදී එවැනි නිවේදනයක් නිකුත් කරන බවට ඇමෙරිකානු බලධාරීන් විසින් සුමන්තිරන්ලා හට සහතිකයක් ලබාදී තිබීමය. ඒ පිළිබඳ පසුගිය සති කිහිපය පුරාම දෙමළ ජාතික සන්ධානය ඇමෙරිකානු තානාපති කාර්යාලය සමග කිසියම් ගනුදෙනුවකද නිරතව සිටියේය.

ඒ අනුව සුමන්තිරන්ලා මේ වන විට බලාපොරොත්තුවෙන් සිටින්නේ ජිනීවා කොමිසම ආරම්භ වීමට දින කිහිපයක් තබා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් මෙම නිවේදනය නිකුත් වන තෙක්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *