උදිත ලොකුබණ්ඩාරට රට යන්න අවසර දෙයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතාට විදේශගතවීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ (10 ) අවසර ලබා දුන්නේය.

නඩත්තු නඩුවක විත්තිකරුවකු වූ උදිත ලොකුබණ්ඩාර මහතාට විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණය මගින් මීට ඉහතදී නියෝගයක් නිකුත් කර තිබිණි.

තමාට විදේශ ගතවීමට අවශ්‍ය බවට උදිත ලොකුබණ්ඩාර මහතා සිය නීතිඥවරයා මගින් අධිකරණය වෙත ඊයේ ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, විත්තිකරුගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද නියම කළේය.

ඒ අනුව හෙට (12) සිට ලබන 25 වැනිදා දක්වා විදේශ ගතවීමට අධිකරණය උදිත ලොකුබණ්ඩාර මහතාට අවසර ලබා දුන්නේය.

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන උදිත් සංජය ලොකුබණ්ඩාර මහතාට ද අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික බැංකු ගිණුමෙන් මුදල් සොරකම් කළ බවට ද මේ වන විට චෝදනාවක් එල්ලවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *