විවාහයට සහ අන්තිම කැමති පත්‍රයටත් කැබිනට්ටුවෙන් තීන්දුවක් ගනී

අන්තිම කැමති පත්‍ර ආඥා පනත සංශෝධනය කිරීම පිණිස මීට ප්‍රථම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබූ බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේ දී අනාවරණය වූයේ.

ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

එමෙන්ම විවාහ ලියාපදිංචි කිරීමේ අඥාපනත සංශෝධනය කිරීම පිළිබඳව ද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සාකච්ඡා කෙරුණා.

විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම,විවාහ ශුන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් පිළිගැනීම් සම්බන්ධයෙන් අලුතින් නීති හඳුන්වාදීම පිණිස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව එකී නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වනවිට ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතිනවා.

විවාහ ලියාපදිංචි කිරීමේ අඥාපනතේ විවාහ ලියාපදිංචි කිරීම සඳහා සපුරාලිය යුතු නියමයන් ඇතුළත් විය යුතු අතර, විදේශ දික්කසාද ලියාපදිංචි කිරීමේ ආඥා පනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතල් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අධිකරණ අමාත්‍යවරයා කළ යෝජනාවට ද කැබිනට් මණ්ඩලය අවසරය හිමිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *