සදුදා සිට විදුලි කප්පාදුව වැඩි වෙයි

ජුනි මස 06 වැනිදා සිට 10 වැනිදා දක්වා සෑම දිනකදීම පැය 02යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී ඇත.

එසේම ජුනි 11වැනිදා සහ 12වැනිදා පැයක කාලයක් විදුලිය විසන්ධි කරනු ලැබේ.

කෙසේ නමුත් හෙට(05) විසන්ධියක් සිදු නොකෙරේ.

මේ සම්බන්ධ සියලු තොරතුරු ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ වෙබ් අඩවිය www.pucsl.gov.lkවෙත පිවිස ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *