ගෑස්‌ ඒජන්සිය ඇමතිගේ – මිනිස්සු සිලින්ඩර්වලින්ම ඇමති රථයට තඩිබෑවේ මෙලෙසයි

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් පහර දී තිබෙනවා.

කෑගල්ල, රන්වල, අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සැල ඉදිරියේ දී යි එම සිදුවීම සිදුවී ඇත්තේ. ගෑස් ලබා ගැනීම සඳහා පෝලිමක සිටි ජනතාව එම ස්ථානයට පැමිණෙමින් සිටි රාජ්‍ය ඇමති කණක හේරත්ට අද (21) මෙසේ පරදී ඇති බව වාර්තා වෙනවා.

රාජ්‍ය ඇමති කණක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා වන අතර මෙම බෙදාහැරීමේ ආයතනයද පවත්වාගෙන යනු ලබන්නේ ඔහු විසිණි. රාජ්‍ය ඇමති කණක හේරත්ට දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමේ ආයතන රැසක් ඇතැයිද වාර්තා වනවා.

තොරතුරු වාර්තාවන අන්දමට රාජ්‍ය ඇමති කණක හේරත් මෙම ස්ථානට පැමිණෙමින් සිට ඇති අතර සිය රථයේ වේගය අඩු කරද්දි ජනතාව පෝලිමේ රැඳී සිටිනු දැක ඇති ඔහු එහි නතර නොවී ඉදිරියටම සිය රථය ධාවනය කර තිබුණා. එම අවස්ථාවේ රාජ්‍ය ඇමති කණක හේරත්ව දැක ඇති ගෑස් පෝලිමේ රැඳී සිටි පිරිස ඔහුගේ රථයට පහරදී තිබෙනවා. ඔවුන් සිය අතේ තිබූ ගෑස් සිලින්ඩර වලින්ද පහරදී තිබෙනවා. පසුව එම ජනතාව එම ස්ථානයේ පාර හරස් කර විරෝධාතාවකද නිරතව වූ බවට සදහන් වෙනවා.

එම අවස්ථාවේ කෑගල්ල, රන්වල අලුත්පාර හන්දිය පසුකර යාමට පැමිණි කෑගලු දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය කාන්ත ගුණතිලක වහාම තම ගමන් මාර්ගය වෙනස් කර එම ස්ථානය මගහැර ගොස් ඇතැයිද මේ අතර වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *