ශ්‍රී ලංකාවේ විදුලිය විසන්ධි කිරීමේ අත්දැකීම වින්ද ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්

ශ්‍රී ලංකාවේ පවතින විදුලිය විසන්ධි කිරීමේ අත්දැකීම සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ටද විදීමට පසුගියාදා අවස්ථාවක් ලැබී තිබේ.

ඒ සම්බන්ධයෙන් දේශීය අවන්හලක සංචාරයකදී බව ක්‍රීඩක පැට් කමින්ස් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

එහි දැක්වෙන්නේ “මේ සතිය මුලදී අවන්හලේ ඉඳගෙන, රාත්‍රී ආහාරය ආරම්භ කිරීමට නගරයේ විදුලිය ක්‍රියාත්මක වන තෙක් බලා සිටිමි”

“ශ්‍රී ලංකාව මේ මොහොතේ දුෂ්කර කාලයක් පසු කරමින් සිටින නමුත් ජනතාව අපට පුදුම ලෙස සත්කාර කරනවා. මෙහි සිටීම ගැන අපි කෘතඥ වෙනවා” ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *