තෙදිනක් ඉන්ධන පෝලිම්වලට යන්න එපා – බලශක්ති ඇමැතිගෙන් ඉල්ලීමක්

අද (20) සිට තෙදිනක් (23) දක්වා ඉන්ධන පෝලිම්වල නොසිටින්නැයි බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලබන 23 වනදා සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය ආකාරයට කෙරෙන බව කියා සිටි අමාත්‍යවරයා ඉදිරි දින තුන තුළ ඉන්ධන නිකුත් කිරීම සීමා සහිතව කෙරෙන බවද කියා සිටියේය.

එමෙන්ම පෞද්ගලික බස් රථ සහ පාසල් වෑන් රථ සඳහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ලංගම ඩිපෝ හරහා කිරීමට කටයුතු යොදා ඇති බවත් වෙනත් ඉන්ධන පිරවුම්හල් වෙත නොයන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරි සතියේ දී අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ මාධ්‍යට අදහස් දක්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *