අමාරුවෙන් ජීවත් වෙන ‘මේ කාලේ’ අරපිරිමැස්මට කරුණු හතක්

(ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න)

මේ ආර්ථික තත්ත්වෙ නිසා ජීවන වියදම වැඩි වෙලා තියෙන්නෙ.

අපි ඉස්සර වියදම් කරපු විදියට වියදම් කරන්න විදියක් දැන් නැහැ.

අනවශ්‍ය වියදම් වැඩි අඩු කරලා වැඩකරන හැටි ගැනයි මේ දැනුවත් කරන්නයි හදන්නෙ.

01. කඩකෑම නතර කරන්න

වැඩ ඇරිලා එන ගමන් ලේසියට එළියෙන් කෑම ගන්න ගොඩක් අය හුරු වෙලා ඉන්නවා. ඒ වගේම උදේට ඇහැරෙන්න පරක්කු උනොත් කඩෙන් කන්න එහෙම ගොඩක් අය පෙලඹෙනවා. ඉස්සර වගේ නෙමෙයි ඒ වගේ එක වේලක් කන්න දැන් සෑහෙන ගාණක් යනවා. ඒ යන මුදලින් වේල් 2ක් වත් ශේප් කරගන්න පුලුවන්. ඒ නිසා මේ වෙනකොට ගන්න වැටුප ප්‍රමාණවත් වෙන්නෙ නැතිනම් මේ දේවල් ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනෙ. දැන් කඩෙන් බත් එකක් ගන්න එක ලේසි නෑ. සාමාන්‍ය මනුස්සයෙක්ගෙ පොකට් එකට හොඳට දැනෙන්නෙ මෙන්න මේ කෑම බීම වල වියදම. උදේට පොඩි ස්නැක් එකක් එක්ක ටී එකක් බොන්නත් අපිට සැළකියයුතු ගාණක් යන නිසා එදිනෙදා වියදම් ඔයාලා සෑහෙන්න පරිස්සමින් කරගන්න ඕනෙ.

 

02. සතියකට හෝ සති දෙකකට වියදමට අවශ්‍ය මුදල් එකපාර බැංකුවෙන් ලබාගන්න

සතියකට හෝ සති දෙකකට වියදමට අවශ්‍ය වෙන මුදල් එකපාර බැංකුවෙන් අතට අරගෙන ඒක වියදම් වර්ග අනුව බෙදලා වොලට් එකේ හෝ ලියුම් කවර වල දාගන්න. බස් වියදම්, ග්‍රොසරි, දුරකථන ගාස්තු, එළවළු වලට වෙන වෙනන ගණන් වෙන්කරගෙන ඒ ප්‍රමාණෙ විතරක් වියදම් කරන්න. එතකොට සැරෙන් සැරේ බැංකු හොයාගෙන යන්න ඕනෙ නෑ.

03. ණයකාඩ්පත් මඟින් ගෙවීම නතර කරන්න

අපි ලේසියටත් එක්ක බඩු ගන්න ගියාම කාඩ් වලින් ගෙවීම් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මෙහෙම හුරු උනාම අතේ සල්ලි නැතත් දකින දකින බඩුව ගන්න පෙළඹෙනවා වැඩී. මේකේ වඩාත් භයානක තත්ත්වෙ තමා ක්‍රෙඩිට් කාඩ් භාවිතය. කාඩ් එකේ සල්ලි නැතත් බඩු ගන්න පුලුවන්කම නිසා ඉතින් ඔහේ වියදම් කරන්න පෙළඹෙනවා. මේකෙන් අපි ක්‍රෙඩිට් කාඩ් අනවශ්‍ය දෙයක් කියලම කියන්නෙ නෑ. මේ කාලෙ හැටියට ඔෆර්ස් දෙන තැන් හා දින බලලා සීරුවට භාවිතා කරන අයත් ඉන්නවා. ඒත් බහුතරේ එහෙම නෙමෙයි. අපි අර උඩින් කිව්ව විදියට වියදම් නොකර ටිකක් පරිස්සම් උනානම් කාටත් හොඳයි.

04. පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්න

ඉස්සර කැබ් සර්විස් වල යන්න එන්න පුරුදු වෙලා ඉන්න අයට දැන් ආර්ථිකේ එක්ක සෑහෙන අමාරු තත්වෙකට ඇවිල්ලා තියනවා. ඉතින් ලාභදායීම පොදු ප්‍රවාහනයට පුරුදු උනොත් ඔයාගෙ එදිනෙදා වියදම ගොඩක් අඩුවෙනවා. මේකෙදි බස් වියදම බැලුවොත් ලොකු ලාභයක් නෑ නේද කියලා හිතෙන්න පුලුවන්. නමුත් එතනින් ඉතිරි වෙන මුදල් ටික එකතු කරලා මාසික වියදම බැලුවොත් සෑහෙන ඉතිරියක් තියනවා. දුම්‍රිය පාවිච්චි කරන්න පුලුවන් කෙනෙක් නම් බස් වියදමටත් වඩා අඩුවෙන් ඔයාගෙ ගමන සළසගන්න හැකියාව තියනවා. ඉතින් පුලුවන් නම් දුම්‍රිය හෝ ලංගම බස් වලට ලබාදෙන වාරප්‍රවේශපතක් අරගෙන මාසෙට සෑහෙන අඩු මුදලකට ගමන් කිරීමේ හැකියාව තියනවා.

 

05. ශොපින් යනකොට ලිස්ට් එකක් අරන් යන්න

එදිනෙදා හෝ මාසෙට ගෙදරට බඩු ගන්න යනකොට අවශ්‍යම කරන බඩු ලිස්ට් කරන් යන්න. ඒ වගේම ගෙදර ඉතිරි ප්‍රමාණ බලලා ඉදිරියට අවශ්‍ය ප්‍රමාණ විතරක් ගන්න. ඒ වගේම ලිස්ට් එකක් නැතුව ගියාම ගන්නම ඕනෙ සමහර බඩු අමතක වෙනවා වගේම නොගතයුතු බඩු ගොඩක් අරගන්නවා. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමා පුලුවන් තරම් තොඟ මිලට බඩු දෙන තැන් වලින් මිලට ගන්න. ඒ වගේ තැන් වල වට්ටම් දෙනවා වැඩි නිසා අඩු මුදලකට බඩු ටික ගන්න පුලුවන්.

06. නැවත භාවිතා කල හැකි ඇඳුම් හා භාණ්ඩ අඩු මුදලකට අලෙවි කරන්න (Thrifting)

ලංකාවේ දැන් ක්‍රමයෙන් මේ ක්‍රමය ව්‍යාප්ත උනත් පිටරටවල් වල මේක සෑහෙන්න ජනප්‍රිය ක්‍රමයක්. තමුන් පාවිච්චි කරලා හෝ ඇඳලා ඉවර ඇඳුම් නැවත භාවිතා කළ හැකි මට්ටමේ තියනව නම් යම් සාධාරණ මුදලකට අලෙවි කරන්න පුලුවන්. මේකෙන් ඔයාට තවත් අලුත් ඇඳුමක් ගන්න පුලුවන්. නිකන් අල්මාරිය පුරවන් ඉන්නවට වඩා නිතර අළුත් වෙනවා වගේම පොකට් එකට තට්ටු නොවී අළුත් භාණ්ඩ, ඇඳුම් ගන්න මේක හොඳ ක්‍රමයක්. ඔයාට ඇතී කියලා හිතෙන දේවල් අනික් අයට ඕනෙ වෙන්න පුලුවන් නෙ. ඉතින් මේ විදියටත් අපිට අපේ වියදම් අඩු කරගන්න පුලුවන්

07. අමතර සෑම මුදලක්ම වෙනම ගිණුමකට හරවන්න

මාසික වේතනයන්ට අමතරව ලැබෙන දිරි දීමනා, බෝනස් මෙන්ම අමතර ලාභ සාමාන්‍යයෙන් වියදම් සඳහා ගන්න ගිණුමේ ඉතිරි නොකර වෙනම ගිණුමකට යවන්න. හදිසි අවශ්‍යතා සඳහා, ලෙඩරෝග, ලමයින්ගේ අවශ්‍යතා මේ ඕනම දෙයකට ගන්න පුලුවන් විදියට ඒ දේවල් ඉතුරුකරලා තියන එක මේ කාලේ සෑහෙන්න වටිනවා. මොකද මේ කාලේ තියන වියදම් හැටියට සල්ලි වලට වෙනදේ හිතාගන්නත් බෑ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *