පාඩු ලබන ආයතන රජයෙන් ඉවත් කල යුතුයි

කවුරු විරුද්ධ වුණත් පාඩු ලබන ආයතන රජයේ පීඩනයෙන් ඉවත් කරගත යුතු බව තමාගේ අදහස යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මේ මොහොතේදී දැඩි ප්‍රතිපත්ති වල එල්බගෙන සිටියහොත් ක්‍රියාකාරී සැලැස්මට ගමන් කිරීමට බාධා මතුවන බවද ඔහු සඳහන් කළා.

රඹුක්වැල්ල මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *