දාලා ගියපු කොල්ලට කෙල්ලට ‘ඉරිසියා හිතවන්න පුළුවන්’ ක්‍රම ටිකක්

(ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න)

 

නොසලකා හැරිය පරණ කොල්ලට හරි කෙල්ලට හරි ඉරිසියා හිතවන්න, තමන්ව අතඇරියේ අපරාදේ කියලා හිතවන්නෙ ඕනෑ? ආන්න ඒකට මනෝවිද්‍යාත්මක ට්‍රික්ස් ටිකක් තමයි මේ.

01 අත ඇරපු අයගේ පස්සෙන් නොයන්න මතක තබා ගන්න

මෙන්න මේක තමයි ඉතාම වැදගත්ම පොයින්ට් එක. දැන් අපි ලව් එකක් බ්‍රේක් අප් වෙනකොට, ඒ කියන්නේ අපේ පෙම්වතා හෝ පෙම්වතිය අපිව දාලා යන්න උත්සාහ කරනකොට, ඒක කොහොමහරි නවත්තන්න දඟලනවා. පස්සෙන් යනවා. ඉන්න කියලා ආයාචනය කරනවා. හැබැයි ඔය එකක්වත් කරන්න එපා කියලා තමයි මේ කියන්නේ. අපිව එපා කියන, අපිව අතඇරලා යන්න හදන කාගේවත් පස්සෙන් යන්න එපා. කාගෙවත් පාපිස්සක් වෙන්න එපා. කෙනෙක් අපිව දාලා යනවා නම්, යන්න දෙන්න. එහෙම යන්න දීලා උඩ පොයින්ට්ස් වල කියලා තියෙන විදියට තමන්ගේ ජීවිතේ සංවර්ධනය, තමන්ගේ දියුණුව, තමන්ගේ සතුට කෙරෙහි ෆෝකස් වෙන්න. අපි සාර්ථක වෙනකොට, අපිව එපා කියපු අය ආයෙමත් අපිට ලං වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි ඇත්ත.

හැබැයි අපි සාර්ථක නැති කාලේ අපිව එපා කියලා ගියපු කෙනෙක්, අපි සාර්ථක වුණාට පස්සේ ලං වෙනවා නම්, පොඩ්ඩක් ප්‍රවේසමෙන්, අතේ දුරෙන් තියාගන්න. ඒවා සැබෑ සබඳකම්, සැබෑ යාළුකම් නෙවෙයි.

02. තමන් සංවර්ධනය වෙන්න

සමහර වෙලාවට කෙනෙක් අපිව දාලා යන්නේ අපි හොඳ මදි නිසා, අපේ දියුණුව ප්‍රමාණවත් නැති නිසා වෙන්න පුලුවන්නේ. ඉතින් ඒකට රිටර්න් එක දෙන්න හොඳම ක්‍රමයක් තමයි ඇත්තටම දියුණු වෙන එක. හොඳට මතක තියාගන්න. අපි හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. අපි හිතුවොත් දියුණු වෙනවා කියලා, ඒකට හරි ප්ලෑන් එකක් තියෙනවා නම්, අපිට හිතනවට වඩා ඉක්මනට ටාගට් වලට යන්න පුලුවන්. අන්න ඒ නිසා, තමන්ට සංවර්ධනය වෙන්න හොඳ ප්ලෑන් එකක් හදාගන්න. තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, කුසලතාවයන් හදාගන්න. දැන් නොපසුබස්නා ධෛර්යයෙන් ඒ ටාගට් වලට යන්න. දවසක අනික් මිනිස්සුන්ව පහුකරගෙන ගිහින් දියුණු වෙලා ඉන්න තමන්ව දැක්කහම පරණ කෙල්ලට හරි කොල්ලට හරි හිතෙයි අපරාදේ අතෑරියේ කියලා.

(ඇත්තටම තමන් දියුණු වෙන්න ඕන පරණ කොල්ලට හරි කෙල්ලට හරි රිටර්න් එක දෙන්න නෙවෙයි. තමන් වෙනුවෙන්. හැබැයි ඉතින් ඒක හොඳ දිරිගැන්වීමක්!)

03. තමන් බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්න

මේකත් අර උඩ කියපු කාරණාවටම අදාළයි. හිතලා බලන්න කොහොමද තමන්ගේ හැකියාවන් සහ වෘත්තිය ජීවිතේ ඉදිරියට යනකොට, තමන්ගේ පෞද්ගලික ඉමේජ් එකත් ගොඩනංවන්නේ කියලා. ඒකට තමන්ගේ තියෙන නරක පුරුදු වලින් මිදෙන්න අවශ්‍යයි. එතකොට තමන්ගේ පෙනුම වර්ධනය කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ජිම් එකට යන එක, ෆිට් ඇඟක් ඇති කරගන්න එක විතරක් නෙවෙයි. තමන්ට හදාගන්න ඕන ඉමේජ් එකට ගැලපෙන විදියට අඳින්න පළඳින්න පටන් ගන්න එක, තමන්ටම විශේෂ වුණු විලාසිතාවක් නිර්මාණය කරගන්න එක වගේ හැමදෙයක්ම ඒකට ඇතුළත්. අනාගතයේ දවසක තමන්ගේ නම කියපු ගමන්, සුවිශේෂී පෙනුමක් තියෙන සුවිශේෂී මනුස්සයෙක් ඕනම කෙනෙක්ගේ හිතට එන ලෙවල් එකට තමන්ගේ බ්‍රෑන්ඩ් එක ගොඩනංවන්න. දවසක් ඒ බ්‍රෑන්ඩ් එක කතාබහට ලක් වෙනවා දැක්කහම එක්ස්ට හිතෙයි ඇයි මෙච්චර සිරා ඩයල් එකක් තමන් අත ඇරියේ කියලා

04. සෝෂල් මීඩියා හැසිරීම කල්පනාවෙන්

දැන් කාලේ හැමෝම සෝෂල් මීඩියා කියන්නේ තමන්ගේ ජීවිතේ කරගෙන, අඩු තරමින් ජීවිතේ කොටසක් කරගෙනනේ ඉන්නේ. එතකොට බ්‍රේක්අප් එකක් වුණාට පස්සේ ඉතින් තමන්ගේ එකවුන්ට් එකේ පළ කරන කවි සිලෝ හෑලි මීම්ස් වල කෙළවරක් නෑ. ආන්න ඒක වළක්වා ගන්න හොඳ විනයක් තමන්ට හදාගන්න පුලුවන් නම් මරු. ඒ කියන්නේ, තමන්ට රිදිලා ඉන්නේ, තමන් බ්‍රේක් අප් එකෙන් විඳවනවා, තාමත් එයාට ලව් කරනවා වගේ ඕනම මෙසේජ් එකක් යන විදියේ සමාජ මාධ්‍ය හැසිරීමක් වළක්වා ගන්න ඕන. කොටින්ම, තමන්ගේ ඇතුළාන්තයේ ෆීලින්ග්ස් සෝෂල් මීඩියා හරහා හෙළි නොකර ඉන්න ඕන. ඒ වගේම, තමන්ගේ පරණ කෙල්ල හරි කොල්ලා හරි සෝෂල් මීඩියා වල පෝස්ට් කරන්නේ මොනවද බලන්න එයාලගෙ එකවුන්ට් වලට යන පුරුද්ද වළක්වගන්නත් ඕන. ඒ ඇයි කියලා ඊලඟට කියන්නං!

05. සමීපයෙන් ඉන්න, හැබැයි සීමාවක් තියාගන්න

ගොඩක් වෙලාවට නයි වෛර වෙලා වෙන් නොවුණා නම්, හෙමිහිට හරි පැරණි පෙම්වතුන් යාලුකමකට හරි මාරු වෙනවා. ඒකේ ගැටළුවක් නෑ. හැබැයි ඉතින් යාලු මිත්‍රයෝ වගේ හිටියත්, තමන්ගේ පරණ කොල්ලා හරි පරණ කෙල්ල හරි තමන්ව අත ඇරියේ තමන්ට ඒ මොහොතේ තිබුණේ නැති දෙයක් නිසා නම්, එහෙම නැතිනම් තමන්ට වඩා හොඳ කෙනෙක් මුණගැහුණු නිසා නම්, ඒ හින්දා ඇතිවුණු අමිහිරිකම හිතෙන් නැතිවෙන්නෙ නැහැනේ. හැබැයි ඉතින් දැන් අපි කියමු පරණ කොල්ලා හරි පරණ කෙල්ල හරි එක්ක යාලුකමෙන් ඉන්නවා කියලා. එතකොට අපි නිතරම ටච් එකේ ඉන්නකොට වෙන්නේ අපේ වැදගත්කම නැති වෙන එක. ඒ කියන්නේ අපිව විශේෂයක් නැතුව යන එක. අන්න ඒ නිසා, පරණ කෙනා එක්ක ටච් එකේ ඉන්න, හැබැයි සීමාවට. ඒ කියන්නේ පේන්න ඉන්න, හැබැයි සම්බන්ධතාවය සීමාවට තියාගන්න.

 

06 එයාගෙන් මිදිලා ඉන්නේ කියන එක පෙන්නන්න

සමහර වෙලාවට, තමන්ට මදි නිසා කොල්ලව හරි කෙල්ලව හරි අතඇරපු කෙනෙක් වුණත්, යටිහිතෙන් ආසයි එයා තාමත් තමන්ට ලව් කර කර පස්සෙන් එනවා නම්. ආන්න ඒ තෘප්තිය කවදාවත් තමන්ව අත ඇරලා ගියපු එක්ස්ට දෙන්න එපා. එයා ගැන ෆීලින්ග්ස් තමන්ට නැහැයි කියන එක, ඒක ඉවරයි කියන එක පෙන්නන්න. ආන්න ඒක නිසා තමයි අපි උඩ පොයින්ට් එක කියලා තියෙන්නේ. ඒ ඇරෙන්න තමන් බ්‍රේක් අප් එකෙන් රිකවර් වුණාට පස්සේ තමන්ව සංවර්ධනය කරගන්න එක, තමන් බ්‍රෑන්ඩ් එකක් වෙන එක වැදගත්. ඒ වගේම, ආයෙමත් ඩේට් කරන්න පටන් ගන්න එකත් වැදගත්!

07. තමන්ගේ ජීවිතේ එන්ජෝයි කරන්න

ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි තමන්ගේ ජීවිතේ එන්ජෝයි කරන්න පටන් ගන්න එක. තමන්ට නැති වුණු දේවල් ගැන ලත වෙවී, තැවි තැවී ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතේ අර්ථවත් කරගන්න, තමන්ගේ ජීවිතේට වර්ණයන් එකතු කරගන්න අපිට කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියෙනවා. උදාහරණයක් විදියට අපිට ට්‍රැවල් කරන්න පුලුවන්. රට තොට බලන්න යන්න පුලුවන්. මීට පෙර කරපු නැති ඇඩ්වෙන්චරස් දේවල් ට්‍රයි කරලා බලන්න පුලුවන්. ඇත්තටම මේවා සෝෂල් මීඩියා ඔස්සේ රටට ලෝකෙට අණබෙර ගහගෙන කරන්න ඕන දේවල් නෙවෙයි. අපි වෙනුවෙන් විතරක් කරන්න ඕන දේවල්. එහෙම කාටවත් කරදරයක් නැතුව තමන්ගේ ජීවිතේ එන්ජෝයි කරනකොට, තමන්ගේ ඇතුළාන්තයෙනුත් වෙනසක් වෙනවා තමන්ට දැනෙයි. ඉතින් කවදාහරි තමන්ගේ එක්ස්ව හම්බුණොත්, එයාටත් දැනෙයි තමන් කලින් ලව් කරලා අතඇරපු මනුස්සයාගේ ඒ වෙනස. එයාට හිතෙයි අපරාදේ අතඇරියේ කියලා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *