ලිට්‍රෝ මාර්තු මාසෙට ගෑස් ඕඩර් කර නෑ – ගෙන් වූ නැව් 4කට සල්ලි දීලත් නෑ

මෙරටේ ප්‍රධාන ගැස් සැපයුම් සමාගම වන ලිත්‍රෝ සමාගම් මේ වනවිට ගැස් ගෙන්වාගැනීමට නොහැකි උග්‍ර අර්බුදයකට මුහුන දෙමින් සිටින බව වාර්තා වෙයි.

ඒ මාර්තු මසට අව්‍යාශ ගෑස් තොග කිසිවක් මෙතෙක් ඇනවුම් කොට නොමැති වීම හේතුවෙනි.

සාමාන්‍යයෙන් මසකට අව්‍යාශ තොග ඊට පෙර මස 10 වෙනිදා වනවිට ඇනවුම් කල යුතු වුවත් මෙතෙක් ලිත්‍රෝ සමාගම මාර්තු මාසය සදහා අව්‍යාශ ඇනවුම් ලබාදීමට අපොහොසත් වී ඇත.

මෙම තත්වය මත දිවයින පුරා නැවත වරක් ගැස් හිගවිම අනිවාර්යය බව සමාගම් අභ්‍යන්ත ආරංචි මාර්ග සදහන් කරයි.

මිට අමතරව පවතින ඩොලර් හිගය නිසා මෙතෙක් ගෙන් වූ ගැස් නැව් 4කට මුදල් නොගෙවිමෙන් මේ දිනවල දිවයින පුරා ගැස් බෙදාහැරිම කඩින් කඩ අඩාල කරමින් සමාගම අර්බුද රැසකට මුහුන දෙමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *