භාණ්ඩ වර්ග 367ක් අද රෑ සිට තහනම් – භාණ්ඩ ලේඛනය මෙන්න

වත්මන් ආර්ථික තත්ත්වය නිසි ලෙස කළමනාකරණය සඳහා සීමිත කාලයකට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් සඳහා ආනයන සීමාකිරීමට රජය තීරණයකර ඇති අතර මෙම ආනයන සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ එම භාණ්ඩ 367 ආනයනය සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්යවන බවය.

ඊට අමතරව එම ආනයනික භාණ්ඩ සඳහා ආනයන පාලන බලපත්‍ර ගාස්තු සහ CFI අගය මත ගාස්තු අයකිරීමද නියමිතය.

එම ආනයනික භාණ්ඩ අතර ආහාර කාණ්ඩය යටතේ ඇපල්, දොඩම්, මිදි, වියළි මිදි, රටඉඳි, බටර්,  මුදවපු කිරි, යෝගට් ආදියද ඇතුළත් වෙයි.

එමෙන්ම ඕට්ස්, චොක්ලට් වර්ග, පැස්ටා, කෝන් ෆ්ලෙක්ස්, බෝතල් කළ ජලය ආදියටද ආනයන සීමා පැනවෙයි.

ආනයනික මත්පැන් වර්ග හා ආනයනික දුම්වැටි වර්ගවලටද මින් ඉදිරියට ආනයන සීමා තිබේ.

එසේම සුවඳ විලවුන් හා ක්ලෝන් වර්ග, රූපලාවන්‍ය අයිතම, ටයි වර්ග, ක්‍රීඩා පාවහන්,හම් හා රබර් මිශ්‍රිත පාවහන්, රැවුල කැපීමේ විද්‍යුත් උපාංග ආදියද ආනයනයට සීමා පැනවෙයි.

විද්‍යුත් මෙවලම් කාණ්ඩයට අයත් වායු සමීකරණ යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, මයික්‍රෝවේව් උඳුන්, රයිස් කුකර්, ටෝස්ටර්ස්, තේ සහ කෝපි සෑදීමේ යන්ත්‍ර, ඩිජිටල් සහ වීඩියෝ කැමරා ආදියටද ආනයනයට සීමා පනවා තිබේ.

එමෙන්ම රූපවාහිනී, සහ අත් ඔරලෝසු, මෙන්ම ගිටාර්, ඕගන්,වයලීන් ආදි තෝරාගත් සංගීත භාණ්ඩ කිහිපයකටද මෙම සීමා පැනවීම් අදාළ වෙයි.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ , රටේ පවත්නා ආර්ථික තත්ත්වය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරමින් වඩා යහපත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට ආනයන සීමා කිරීමේ මෙම ක්‍රමෝපායන් ඉවහල් වනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බවය.

එම භාණ්ඩ මොනවද යන්න මෙතනින් ගොස් දැනගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *