තෙල් නැතුව නැවතුනු සුපිරි ජීප් රථයට ‘බෝට්ටුවෙන් තෙල් ඇද්ද’ මන්ත්‍රී (PHOTOS )

තංගල්ල අවට ප්‍රදේශයේ මේ දිනවලදී ඩීසල් නොමැති වීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාට සිය ජිප් රථයට අවශ්‍ය ඩීසල් නොමැති බව කියමින් තංගල්ල ධීවර වරායේ බෝට්ටුවකින් ඩීසල් ගෙන එය සිය රථයට පුරවා ගැනීමට අද(23දා) කටයුතු කළේය.

දිලිප් වෙදආරච්චි මහතා පැවැසූයේ තමාට කොළඹ යෑමට අවශ්‍ය බැවින් සිය රථයට පුරවාගැනීමට අවශ්‍ය ඩීසල් ලබාගැනීමට නොමැතිකම නිසා මෙලෙස තංගල්ල ධීවර වරායට පැමිණ වරායේ තිබූ බෝට්ටුවකින් තෙල් ලබා ගෙන ඒවා සිය රථයට පුරවාගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *