අද සිට විදුලිය කපයි

අද දින සිට වරින් වර දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව සවස 2.30ත් 6.30ත් අතර පැයක කාලයකුත් සවස 6.30ත් රාත්‍රී 10.30ත් අතර පැයක කාලයකුත් විදුලිය කප්පාදු කෙරෙන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

අනිවාර්ය විදුලි කප්පාදුවකට යා යුතු බව හා ඊට අදාළ ක්‍රමවේදය ද ප්‍රකාශයට පත් කරන බව යි මීට පෙර මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *