බදු අඩු කරයි – රුපියල් 200ක බදු රුපියලට බස්සයි

ඉදිරියේදී ආරම්භ වන රාමසාන් උපවාස කාලයේදී මුස්ලිම් ජනතාවට සහන සැලසීම උදෙසා රටඉඳි ආනයනය සඳහා දැනට ක්‍රියාත්මක කිලෝ ග්‍රෑමයකට රු.200ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් කිලෝ ග්‍රෑමයකට රුපියලක් පමණක් අයවන ලෙස එම බද්ද රු.199කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 මාර්තු 28දා, එනම් අද දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ 2022 මාර්තු මස 28 දිනැති 2273/01 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත.

එසේම ආනයන බලපත්‍ර ක්‍රමවේදය යටතේ රටඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙනයන ප්‍රචාරය අසත්‍ය බැවින්, එමගින් මහජනතාවට වැරදි අදහසක් ඇතිකිරීමට කටයුතු කර ඇති බව පෙනී යන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *