ඉන්දීය විදේශ ඇමති ‘කොළඹ’ IOC තෙල් පෝලිමේ

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද කොළඹ පිහිටි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (LIOC) ඉන්ධන පිරවුම්හලක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආචාර්ය ජයශංකර් කියා සිටියේ LIOC හි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා විසින් ඉන්ධන සැපයුම් තත්ත්වය පිළිබඳව තමා දැනුවත් කළ බවයි.

ඉන්දියාව දැනටමත් ශ්‍රී ලංකාවට ණය ක්‍රමය යටතේ ඩොලර් බිලියනයක මූල්‍ය ආධාර ලබා දී ඇති අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ඉන්ධන මිලදී ගැනීම සඳහා යොදා ගැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *