ආණ්ඩුවේ ප්‍රධානම ඇමතිවරුන් සියල්ල නාමල් යටතට -අධීක්ෂණය නාමල්ගෙන්

ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරුන් සියලු දෙනාම අධීක්ෂණය කිරීමේ වගකීම තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පවරා දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

2015ට පෙර මහින්ද රාජපක්ෂ රජයට එල්ල වූ පවුල් පාලන චෝදනාවම මෙම රජය යටතේ ඊට වඩා වැඩි ගුණයකින් එල්ල වන බවද ඔහු කියා සිටියි.

2015 පැවිති මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු රාජපක්‍ෂ පවුලෙන් සිටියද අද කැබිනට්ටුවේ රාජපක්ෂවරුන් පස් දෙනෙකු සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.

කැබිනට් සංශෝධනයක් වෙන බොහෝ අවස්ථාවල නාමල් රාජපක්ෂ මහතාට කුමක් හෝ අමාත්‍යධුරයක් හෝ විෂයපථයක් හෝ ලබාදෙන බවද පැවසූ ඔහු ජනාධිපතිවරයාගේ සෙන්සර් එක අවුල් වී ඇතැයිද කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ සලකුන වැඩසටහන සමඟ එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *