ඉන්දියාව, ගෝඨාභයට සහ බැසිල්ට රට හැර යාමට උදව් කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට රට හැර යාමට උදව් කළ බවට කරන චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි.

පසුගියදා වාර්තා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් බැහැරට යාමට ඉන්දියාව පහසුකම් සලසා දුන් බවට පළවන පදනම් විරහිත මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී සහ සාරධර්ම, ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ව්‍යවස්ථාමය රාමුව හරහා සමෘද්ධිය සහ ප්‍රගතිය සඳහා ඔවුන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරන ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව අඛණ්ඩව සහාය දෙන බවද කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය යළි අවධාරණය කර සිටි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද මාලදිවයින බලා පිටත් කර හරින ලදී.

කෙටි නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව කියා සිටියේ විධායක ජනාධිපතිවරයෙකුට ලබා දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන ගුවන් හමුදා ගුවන් යානයකින් මාලදිවයිනට රැගෙන ගිය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *