සල්ලි නැති ආණ්ඩුවෙන් ‘මුරුත්තෙට්ටුවේ හිමිගේ පන්සලට’ මාසෙකට ලක්ෂ 16 බැගින් පුදයි

රාජ්‍ය සේවකයන් බඳවාගැනීම අත්හිටුවීම සහ අනවශ්‍ය වියදම් සිදුකිරීම තහනම් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී ඊට පටහැනිව යමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කොට ඇති බව මේ වන විට අනාවරණ වී තිබේ.

ඒ අනුව මෙම අරමුදල නාරාහේන්පිට පිහිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අයත් අභයාරාම විහාරස්ථානයේ ගොඩනැගිල්ලක් අතිවිශාල මුදලක් වැය කරමින් කුලී පදනම යටතේ ලබාගෙන ඇති බව දැනගන්නට තිබේ.

වාර්තා වන අන්දමට මෙහි මාසික කුලිය රුපියල් ලක්ෂ 16කි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයද දරන අතර පසුගිය දිනෙක විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන්ගේ දැඩි විරෝධය උන්වහන්සේට එල්ල වන ආකාරය දැකගත හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *