අගමැති ඉල්ලා අස්වන ලියුම හදන බව ‘දැනගෙන’ අරලියගහ මැදුරට කඩා පැන්න ඇමති

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මහින්ද ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කරන බවට වූ පුවත අරලියගහ මන්දිරයෙන් එළියටද පැමිණ ඇත.

ඒ අනුව එම පුවත ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියෙකු වන ප්‍රබල ඇමතිවරයෙක් ගේ කනටද වැටිණි.

ඒ අනුව වහාම අරලියගහ මන්දිරයට පැමිණි ඔහු , මහින්දට කියා සිටියේ ඉක්මන් වී හදිසි තීන්දු නොගන්නා ලෙසත්, අගමැතිකමෙන් ඉවත් වීමට කටයුතු නොකරන ලෙසත්ය.

මෙහිදී මහින්දකියා සිටියේ විමල් ඇතුළු කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවීමට ගොස් බහුතරය නැති බව කියා ඇති බැවින් ජනාධිපතිවරයා තමන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බවය.

නමුත් මහින්දගේ මෙම පිළිතුරට ඇමතිවරයා එකඟ වූයේ නැත. ඔහු කියා සිටියේ එම කතාව සම්පූර්ණයෙන්ම බොරු බවත්, තවමත් බහුතරය ආණ්ඩුව සතුව පවතින බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *