‍‍ජනපති මන්දිරය – අරලියගහ මැඳුර – ලේකම් කාර්යාලයට සිදු වූ හානි ගැන විමර්ශනයක්

ජනපති මන්දිරය අරලියගහ මැඳුර ලේකම් කාර්යාලයට සිදු වූ හානි ගැන විමර්ශනයක් කරන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇත.

ඒ කොළඹ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර කුමාර සහ බස්නාහිර පළාත් අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න යන මහත්වරුන්ටය.‍

මෙම නියෝගය ඔහු විසින් දුන්නේ සූම් තාක්ෂණයෙන් පැවැති රැස්වීමකදීය.

බස්නාහිර පළාතේ ඔහු යටතේ සිටින නිලධාරීන් සම්බන්ධකර ගනිමින් එම සූම් රැස්වීම පවත්වා තිබී ඇත.

ජනපති මන්දිරයටත්, අරලියගහ මන්දිරයටත්, ජනාධිපති ලේකම් කාර්යාලයටත් ඇතුළු වූ පිරිස් එහි වූ දේපොළවලට හානිකර ඇති බවත් වටිනා කියන දේපොළ සොරාගෙන ගොස් ඇති බවටත් දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී සඳහන් කරනු ලැබීය.

වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය යුතුව ඇති බවත් ඒ සඳහා සාක්ෂි විනාශ වීමට පෙර සාක්ෂි රැස්කර ගත යුතු බවත් ආරක්ෂක කැමරා දත්ත කඩිනමින් ගැනීමට පියවර ගන්නා ලෙසත් දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *