පැතුම් නිස්සංකට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක හට කොවිඩ්-19 ආසාදනය වී ඇත.

ඊයේ උදෑසන තමාට අසනීප ගතියක් ඇතැයි පැතුම් විසින් පැවසීමෙන් අනතුරුව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකින් හා පසුව කෙරුනු PCR පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

කොවිඩ්-19 ආරක්ෂක ක්‍රමවේද අනුව ඔහුව වෙනත් හෝටලයක් තුළ නිරෝධායනය කිරීමට කටයුතු කර ඇත. ඔහු වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දුව කණ්ඩායමට කැඳවා තිබේ.

මීට පෙර ධනංජය ද සිල්වා, ප්‍රවීන් ජයවික්‍රම හා ඇන්ජලෝ මැතිව්ස් හට ද කොවිඩ් ආසාදනය වී තිබුණි.

කෙසේ නමුත් තරඟාවලියේ දින දෙකක් ඉතිරිව තිබියදී, ඕස්ට්‍රේලියා කණ්ඩායම ඔවුන්ගේ සංචිතය තුළ කිසිදු අයෙකුට කොවිඩ් ආසාදනය වීම වළක්වා ගැනීමට සමත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *