ජුනි මාසයේ විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂයක් නිකුත් කරයි

ආගමන විගමන දෙපාර්තමේන්තු ඉතිහාසයේ මාසයක කාලයක් තුළ නිකුත් කළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය පසුගිය ජූනි මාසයේ දී නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව සමත්ව තිබේ.

ඒ අනුව පසුගිය ජූනි මාසයේ දී පමණක් විදෙස් ගමන් බලපත්‍ර 100,000කට වැඩි ප්‍රමාණයක් නිකුත්කර තිබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කරයි.

පසුගිය මැයි මාසයේ 31 දා වනවිට විදෙස් ගමන් බලපත්‍ර 288,000ක් නිකුත්කර තිබූ බව පෙන්වා දුන් ඒ මහත්මිය පසුගිය ජූනි මස 25 දා වනවිට එම මාසයේ දී පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නිකුත්කර තිබෙන බවද එම ආගමන විගමන දෙපාර්තමේන්තු ඉතිහාසයේ එක් මසක දී නිකුත් කළ වැඩිම ගමන් බලපත්‍ර ප්‍රමාණය වන බවද පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *