දුම්රියෙන් තල්ලුකිරීමෙන් දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් මරුට

දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු ධාවනය වෙමින් තිබූ දුම්රියකින් තල්ලු කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වෙයි.

අද (23) අලුයම යාපනය දක්වා ගමන් කරමින් තිබූ දුම්රිය වේයන්ගොඩ ප්‍රදේශය පසු කරමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇත.

දුම්රියේ ගමන් ගත් මගීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම ආරක්ෂක නිලධාරියා විසින් දුම්රිය තුල මත්පැන් පානය කරමින් සිටි තවත් මගීන් කිහිප දෙනෙකු ඉන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටියදී බීමත්ව සිටි එක් මගියෙකු විසින් ආරක්ෂක නිලධාරියාට පයින් පහර දී ඇති අතර එහිදී ඔහු ගමන්කරමින් තිබූ දුම්රියෙන් ඇද වැටී තිබේ.සි

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරක් ලැබීමෙන් පසු වේයන්ගොඩ පොලිසියට වදුරව දුම්රිය ස්ථානයට මීටර් 100ක් පමණ එපිටින් වැටී තිබූ ආරක්ෂක නිලධාරියාගේ මළ සිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ 52 හැවිරිදි ඔරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 31 හැවිරිදි නොච්චියාගම ප්‍රදේශයේ සහ 23 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *