QR කේතය අත්හදා බැලීම අද රටපුරාම

ජාතික ඉන්ධන බලපත්‍රය නැතහොත් QR කේතය මගින් ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදය අද(23) මුළු දිවයිනම ආවරණයවන අයුරින් අත්හදා බැලීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 25 පුරාම තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී මෙම කටයුත්ත අද දිනයේ ද අත්හදා බලීම සිදුකෙරෙන බව ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සදහන් කරයි.

එසේම QR කේතය භාවිතා කිරීම ඊයේ(22) කොළඹ ස්ථාන 2කදී සාර්ථකව අත්හදා බැලු බවද අමාත්‍යවරයා පවසයි.

මෙම පරීක්ෂණය අවසන් වූ පසු එය ජාතික වශයෙන් දියත් කිරීමට බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *