වී අලෙවි මණ්ඩලය මගින් වී මෙට්‍රික් ටොන් 43 000 ක් සහල් කර වෙළෙඳපොලට

තමන් සතු වී මෙට්‍රික් ටොන් 43 දහසක් සහල් වශයෙන් සකස් කර වෙළෙඳපොලට නිකුත් කරන්නැයි ඇමති මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දෙයි.

වෙළෙඳපොලේ සහල් හිගයක් පැවතීම හා මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඇමතිවරයා එම තීරණය ගෙන තිබේ.

වර්තමානයේ විවෘත වෙළෙඳපොලේ ඇතැම් සහල් වර්ග රුපියල් 230 ත් 270 ත් අතර මුදලකට අලෙවි වුවද වී අලෙවි මණ්ඩලය සපයන සහල්වල තොග මිල හා සිල්ලර මිල ඊට වඩා අවම මට්ටමක පවතී.

කෙසේ වෙතත් දැනට තමන් සතු වී තොගවලින් සහල් මෙට්‍රික්ටොන් 32 දහසක් සකසා ගත හැකි බව වී අලෙවි මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යංශය දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *