යුක්රේනයේ ‘අතරමං වී සිටින’ ශ්‍රී ලාංකිකයින් හය දෙනා

යුද්ධය නිසා යුක්රේනයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඊයේ සහ අද දිනයේ පෝලන්තයට පැමිණි බව එරට ශ්‍රී ලංකා තානාපතිනී ධම්මිකා කුමාරි සේමසිංහ ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවට ඒමට කැමැත්ත පළ කළ ඒ අතර සිටින සිසුවියක් හෙට දිනයේදී මෙරටට පිටත් කර එවීමට කටයුතු කරන බවයි.

තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් යුක්රේනයේ තත්ත්වය නිරීක්ෂණය කරන අතර එරට සිටින ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු දේශසීමාව හරහා පෝලන්තයට පැමිණීමට කැමැත්ත පළ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *