දරුවන්ට මත්කරල් විකුණන උපකාරක පන්ති ගුරුවරයා

පාසල් දරුවන්ට කලක සිට මත්කරල් මුදලට විකුණු උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතර දකුණු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහිදී මත්කරල් 1,299ක් ද සොයා ගෙන ඇති බව වාර්තා වනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන්ට ලද තොරතුරුවලට අනුව වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවටගත් සැකකරු ගණිතය සහ විද්‍යාව විෂයයන්වලට අදාළව උපකාරක පන්ති පවත්වන පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළා.

දෙදරු පියකු වන සැකකරු කළුතර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳීසිටින අයෙක් බවත් මාවනැල්ල ස්ථිර පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *