කුඹුරට වතුර හරවන්න ගිය කාන්තාව මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

කහටගස්දිගිලිය, ඊතලවැටුනවැව ප්‍රදේශයේ වෙල්යායකදී කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.

කුඹුරට ජලය හැරවීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇයගේ ඥාති පුත්‍රයා සමග ඇති කරගන්නා ලද බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතන සිදුව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (03) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි ඊතලවැටුනවැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පහරකෑමට ලක්වූ කාන්තාව එම ස්ථානයේදී මිය ගොස් ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *