ඖෂධ නීතිගත සංස්ථාවේ ‘මුල් පුටු දෙකම’ ඉල්ලා අස්වෙන්න සුදානම්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉහළ තනතුරු දෙකක් ඉදිරි දින කිහිපය තුළ අනිවාර්යයෙන් ම හිස්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කිරීම නිසා එම තනතුරු මෙසේ හිස්වන බව එම සංස්ථාවට සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි.

දැනට කොවිඩ් මර්දනය සඳහා එන්නත් ආනයනය කිරීමේ කටයුතු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් සිදුකෙරෙන අතර එම කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින පසුබිමක, සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙසේ හිටිහැටියේ ඉල්ලා අස්වීම මතභේදයට තුඩු දී ඇතැයි ද වාර්තාවේ.

ඖෂධෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ සහ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ හදිසි ඉල්ලා අස්වීම සෞඛ්‍ය ඇමතිවරයා සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් නිසා නිර්මාණය වූවක් බව සභාපතිවරයාගේ සමීපතම ආරංචි සඳහන් කරයි.

ඉකුත් සති කිහිපය තුළ අවස්ථා කිහිපයකදී මෙම ඉහළ නිලධාරීන් කැබිනට් ඇමතිවරයාගේ දෝෂදර්ශනයට ලක්ව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *