හමුදා සේවය හැරයන්න 18,000ක් සුදානම්

සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ මේ වන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙහි යුද හමුදාවේ 16,174ක්, නාවික හමුදාවේ 1,061ක්, ගුවන් හමුදාවේ 967ක් සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම පිරිසට යුද හමුදාවේ නිලධාරීන් 32ක් ද ඇතුලත් වේ.

නොවැම්බර් මස 15දා සිට දෙසැම්බර් මස 31දා දක්වා මෙලෙස පොදු සමාකාලයක් ප්‍රකාශ කළ ඇති අතර අද (15දා) වන විට මාසයක කාලය දී පමණක් මෙම පිරිස ඉදිරිපත්ව සිටි බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *