IMF ණය දෙන්නේ ‘රනිල්ට පමණක් බව’ ජනපතිට දන්වයි – ජනපති කඩිමුඩියේ පාර්ලිමේන්තු ගිහින් රනිල් සමග කළ පුද්ගලික සාකච්ඡාවේ තොරතුරු මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07) හදිස්සියේම පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට බව වාර්තා වේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මේ හමුව ජනපති හා හිටපු අගමැති පමණක් සහභාගී වීම විශේෂ සිද්ධියකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හමුවූ බව පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව පිළිබඳ මෙම හමුවේ දී ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් කරුණු විමසා තිබේ.

ඒ ජාත්‍යන්තර අරමුදල මෙන්ම මෙරට බටහිර රටවල තානාපති කාර්යාල ද හිටපු අග්‍රාමාත්‍යවරයා පවතින ආණ්ඩුවට සහය දක්වන්නේ නම් පමණක් ලබන ජූලි මාසයේදී ගෙවීමට ඇති රුපියල් බිලියනයක ණය මුදල පුතිව්‍යුහගත කිරීමට සැලැසුමක් ලබාදීම සම්බන්ධයෙන් සහය දැක්වීමට හැකි බවට ජනපතිවරයාට දන්වා තිබීම නිසාය.

ඊට අමතරව ජපානය, දකුණු කොරියාව, ඉන්දියා සහ චීනය ඇතුළු කලාපයේ ප්‍රධාන රටවල් පහක් එකතු කරගෙන පිහිටුවීමට යෝජිත කමිටු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසු බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

රනිල් වික්‍රමසිංහ සමඟ විනාඩි කිහිපයක් සාකච්ඡා කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගොස් තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *